දිනක්ෂිගේ ශක්තිය ගැන ශනූ දැක්වූ සංවේදී අදහස්!
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් පවුලක් වන ප්‍රියසාද් පවුල ගැන කවුරුත් දනිති.
විශේෂයෙන්ම මේ පවුලේ සහෝදරියන් අතර ඇති අනුවනීය බැඳීම පිළිබඳව අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත.
මේ කතාවත්, එම බැඳීම ඉස්මතු කරමින් සමාජ මාධ්‍යයේ පළ වූ තවත් එක් සංවේදී වීඩියෝවක් පිළිබඳවයි. ශනූ, තම සහෝදරියන් ගැන කතා කරන්නේ විශාල ආඩම්බරයකින් වන අතර, ඒ අතරින් ඇය දිනක්ෂි ගැන විශේෂ අවධානයක් යොමු කරයි.
දිනක්ෂි යනු පවුලේ “ලොකු දුවගේ වගකීම්” ඉතා නිවැරදිව ඉටු කරන, වගකීම්සහගත චරිතයකි.
එපමණක් නොව, ඇය බිරිඳක් සහ මවක් ලෙස ද තම ජීවිතය විශිෂ්ට ලෙස සමබරව පවත්වාගෙන යයි. එසේම, කලා ලෝකයේ කාගේත් අවධානය දිනාගත් ඇයට සමාජයෙන් විවිධ අවස්ථාවලදී විවේචන සහ අපහාස පවා එල්ල වී තිබේ.
එහෙත්, ඇය අදටත් අසමසම ශක්තිමත් ලෙස සිටින්නීය. නංගී කෙනෙකු ලෙස ශනූට මේ දේවල් කොතරම් දුරට දැනෙන්නට ඇත්ද? මෙන්න ශනූ, තම ශක්තිමත් අක්කා ගැන ප්‍රකාශ කර තිබූ අදහස:
“මම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන. එයා පොඩි කාලේ ඉදන් එයාව හදාගෙන ආපු විදිහ දැකලා දැන් මේ වෙනකොට ඉන්න තැන දැක්කම මාරම ආඩම්බරයක් දැනෙනවා. කවුරුහරි අක්කා ගැන කියද්දි මට හර්ම සතුටුයි. එයා හරිම උත්සහවන්ත දරාගන්න හොදටම පුළුවන් කෙනෙක්. එයාට මිනිස්සු කියපු දේවල් ඔලුවට ගත්තා නම් දැන් එයා ඉන්නෙත්නැති වෙයි. කා එක්කවත් තරගයක් නැතුව හරිම නිහඩව එයා එයාගේ ගමන ගියපු කෙනෙක්”


