නුගේගොඩ රැළිය නිසා රථවාහන ‍විකල්ප මාර්ග වලට

ශ්‍රී ලංකා පොලිසිය පවසන ආකාරයෙන්, අද (2025.11.21) දිවයිනේ පස්වරුව 02.00ට මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත රංග පීඨයේදී මහජන රැලියක් පැවැත්වීමට නියමිතය. විපක්ෂයේ කිහිප පක්ෂයක් එක්ව සංවිධානය කරන මෙම රැලියට පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන නායකයින්, පාක්ෂිකයින් සහ මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් සූදානම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, පස්වරු 02.00 සිට රැළිය අවසන් වන තෙක්, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියෙන් නාවල වටරවුම දක්වා (ආනන්ද සමරකෝන් විවෘත රංග පීඨය ඉදිරිපිට) මාර්ග කොටසෙහි රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය. මෙම කාලය තුළ රියදුරන්ට ඇති විය හැකි අවුල් අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ගයන් භාවිතා කිරීමට පොලිසිය ඉල්ලීමක් ද කරයි.

කොළඹ හෝ කොහුවල පැත්තෙන් නුගේගොඩ නගරය හරහා නාවල හෝ පිටකෝට්ටේ දෙසට සෙලවීමට අවශ්‍ය වාහන සඳහා, ගම්සභා හන්දියෙන් වමට හැරී කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන සහ නාවල දෙසට යෑමට හැකිය.

එමෙන්ම, නාවල හෝ පිටකෝට්ටේ පැත්තෙන් නුගේගොඩ හරහා හයිලෙවල් මාර්ගය වෙත යෑමට බලාපොරොත්තු වන වාහන සඳහා, නාවල වටරවුමෙන් කට්ටිය හන්දියට, එතැන් සිට ගම්සභා හන්දිය සහ දෙල්කඳ හන්දිය ඔස්සේ හයිලෙවල් වෙත ගමන් කළ හැක. මහරගම දෙසින් නුගේගොඩට පැමිනෙන වාහනවලටද ගම්සභා හන්දියෙන් දකුණට හැරී කට්ටිය හන්දියට ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.

මේ අතර, අද පස්වරු 02.00ට එම ස්ථානයේ පැවැත්වීමට නියමිත මහජන රැලිය සඳහා ශබ්ද විකාශන උපකරණ භාවිතය සඳහා අවශ්‍ය බලපත්‍ර සංවිධායකයන් මිරිහාන පොලිසිය වෙත ඉල්ලීම් කර තිබේ. මෙම රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රබල දේශපාලන නායකයන්, නියෝජිතයින් සහ විශාල ජනතාවක් සහභාගී වනු ඇති බවද වාර්තාවේ.

එසේට, රැලිය පැවැත්වෙන ප්‍රදේශයට යාබදව මේ දිනවල උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තිබෙන නිසා, ශබ්ද විකාශන උපකරණ දැඩි ශබ්දයෙන් භාවිතා වීමෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවක් ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරයි. අද උදෑසන 08.30–11.40කරද, පස්වරු 02.00–05.00 අතර ද උසස් පෙළ විභාග පැවැත්වේ.

මෙය සැලකිල්ලට ගනිමින්, ශබ්ද උපකරණ භාවිතයේ නීති රීති පිළිපදිමින්, සිසුන්ට බාධාවක් නොවෙන සේ කටයුතු කිරීම, විභාග කාලයන්ට අනුකූලව උපකරණ භාවිතය සීමා කිරීම, සහ උපකරණ භාවිතය රැලිය පැවැත්වෙන පරිශ්‍රය තුළ පමණක් සිදු කළ යුතු බවට පොලිසිය බලපත්‍රකරුන්ට දැනුම් දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *