ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් කළු පැල්ලමක්
පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේදී නවසීලන්ත ජාතික තරුණියකට සිදුවූ අතවරය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබියදීම, තවත් විදෙස් සංචාරකයෙකුට මෙරටදී මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න සිදුවීමක් මේ වන විට වාර්තා වේ.
ලොව පුරා ජනප්‍රිය ‘Hugh Abroad’ යූටියුබ් නාලිකාව හිමි හියු (Hugh) නම් සංචාරකයා විසින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් මෙම සිදුවීම හෙළිදරව් කර ඇත. ශ්‍රී ලංකාවේ වතුකරයේ සංචාරය කරමින් සිටියදී, වයෝවෘද්ධ කාන්තාවක් (අත්තම්මා කෙනෙකු) සමඟ සුහදව සෙල්ෆි වීඩියෝවක් ලබා ගැනීමට ඔහු උත්සාහ කර තිබේ. ඉන්පසුව ඇය තමාට කුඩා දරුවෙකු සිටින බව පවසමින් මුදල් ඉල්ලා ඇති අතර, ඔහු රුපියල් 500ක් ලබා දුන් පසුවද ඇය දිගින් දිගටම මුදල් ඉල්ලා බල කර ඇත.
එහිදී ඇය ඉතා නුසුදුසු අයුරින් ඔහුගේ කලිසම දෙසට අත යොමු කරමින් රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට (Sexual Harassment) උත්සාහ කර ඇති බව වීඩියෝවේ දැක්වේ. ‘Sri Lankan grandma grabs my 🍆’ යන ශීර්ෂය යටතේ ඔහු මෙම වීඩියෝව පළ කර තිබුණි.
ඇයගේ ක්‍රියාවෙන් තමා දැඩි අපහසුතාවයට පත්වූ බවත්, මුදල් ලබා දීම මෙවැනි හැසිරීම් තවදුරටත් දිරිමත් කිරීමක් වන බැවින් ඉදිරියට එසේ නොකරන බවත් ඔහු සඳහන් කරයි. ආගන්තුක සත්කාරයට ලැදි රටක් ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකාව ගැන මෙවැනි සිදුවීම් හරහා ලෝකයට යන්නේ ඉතා අයහපත් පණිවිඩයකි.


