කෙහෙල්බද්දර පද්මේ’ සිද්ධිය: ගයාත්‍රී ඩයස් ප්‍රකාශයක් ලබා දී මාධ්‍ය මගහරිමින් පිටව යයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටියාය.

පැය කිහිපයක් පුරා විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු දැක්වූ ඇය, පස්වරු 2.15 ට පමණ එම පරිශ්‍රයෙන් පිටතට පැමිණි අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීම සීමා කළාය. තමන්ව කැඳවූ කාරණය ප්‍රසිද්ධ රහසක් බව පැවසූ ඇය, පෞද්ගලික කාරණාවක් මත පැමිණි හෙයින් වැඩිදුර තොරතුරු හෙළි කිරීමට අපේක්ෂා නොකරන බව සඳහන් කළාය.

ඇය මාධ්‍ය වෙත දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි:

“ඔයාලට කියන්න දෙයකුත් නෑ ඉතින්. මොකද ප්‍රශ්නවලට අවශ්‍ය කරන පිළිතුරු ලබාදීලා ඇවිල්ලා තියෙන්නේ.”

අනතුරුව ‘තැන්ක් යූ’ යැයි පවසමින් ඇය පිටව ගියාය. ඇයගේ මෙම හැසිරීම මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම පැමිණි පියුමි හංසමාලිගේ හැසිරීමට සමාන බව බොහෝ දෙනාගේ නිරීක්ෂණය විය. එදා පියුමි හංසමාලි මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘හැම එකක්ම කියන්න ඕන නෑනෙ අයියා.. මං පැමිණිලි දාන්න ආවේ..’ යනුවෙනි.

මින් පෙර ෆේස්බුක් සටහනක් තබමින් ගයාත්‍රී සඳහන් කර තිබුණේ මෙම සිද්ධිය මුල් කරගනිමින් සමාජය තමන්ට ගල් ගසමින් සිටින බවයි. කෙසේ වෙතත්, තමන් නිර්දෝෂී බවට සෘජු ප්‍රකාශයක් සිදු කර ඇත්තේ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය පමණක් වීම විශේෂත්වයකි. ගයාත්‍රී මාධ්‍ය හමුවේ මුනිවත රැකීම ඇය කෙරෙහි ඇති සැකය තවදුරටත් වර්ධනය වීමට හේතු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *