විදේශීය සංචාරක කාන්තාවකට ලින්ගය පෙන්වූ පුද්ගලයා තට්ටෙ ගාගෙන සැඟවී සිටියදී අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයකට අදාළව, නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක් වූ 25 හැවිරිදි එක් දරු පියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

📍 සිද්ධිය සහ පැමිණිල්ල

  • සිද්ධිය: පසුගිය ඔක්තෝබර් 25 වැනිදා, 24 හැවිරිදි නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවක් අරුගම්බේ සිට පාසිකුඩා බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී තිරුක්කෝවිල් ප්‍රදේශයේදී සැකකරු හමුවී ඇත.
  • චෝදනාව: විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු විසින් ත්‍රිරෝද රථයේ ගමන් කළ ඇයට අශෝභන ලෙස ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමක් සිදු කර ඇති බවයි.
  • පැමිණිල්ල: සිදුවීමෙන් පසු පෙරේදා (15) දින සංචාරක කාන්තාව විසින් ශ්‍රී ලංකා සංචාරක පොලිස් කොට්ඨාසය වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ නිල පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

🔎 සැකකරු අත්අඩංගුවට ගැනීම

  • මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමඟ, ඔහු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්දෙකු බවට තොරතුරක් අන්තර්ජාලයේ පැතිර ගියේය.
  • තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) දින කල්මුණේ, මරදමඩු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
  • අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීමට සැකකරු හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කර පෙනුම වෙනස් කරගෙන සිටි බවද පොලිසිය වාර්තා කළේය.
  • වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පොතුවිල් පොලිසිය වෙත භාර දී තිබේ.

❗ බලධාරීන්ගේ අවධානය

බලධාරීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබුණද, මෙවැනි අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයින් විසින් සිදු කරනු ලබන සිදුවීම් හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී විදේශීය සංචාරකයින් අපහසුතාවයට පත්වන බවයි.

One thought on “විදේශීය සංචාරක කාන්තාවකට ලින්ගය පෙන්වූ පුද්ගලයා තට්ටෙ ගාගෙන සැඟවී සිටියදී අත්අඩංගුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *