ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ වසන පුද්ගලයෙකු ගෙන් මෙතෙක් වාර්තා නොවූ කුරුළු උණ වෛරස ප්‍රභේදයකින් ආසාදනය වී ඇති සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශය සිකුරාදා වාර්තාකර තිබී .මෙම රෝගියාට නිදන්ගත රෝග තිබූ අයෙකු වූ අතර, H5ණ්5 කුරුළු උණ ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය.
මෙය ඇමරිකාව තුළ මාස 9කට පසු වාර්තා වූ පළමු කුරුළු උණ ආසාදනය වන අතර, වෛරසය නිසා සිදුවූ දෙවන මරණයද වන බව සටහන් කරයි. එහෙත්, සමස්ත මහජනතාවට පවතින අවදානම ඉතා අඩු බව Cඪ්C පවසයි.
මෙම පුද්ගලයා සමඟ සම්බන්ධ වූ අය සොයා පරීක්ෂණ දියත්කර ඇත, වෙනත් කිසිවෙකුට මේ වෛරසය වැළඳී තිබෙන සාක්ෂි නැත. එම පරිදි, මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට වෛරසය පැතිරෙන බවටද මෙතෙක් තොරතුරු හමුවී නැත
වොෂිංටන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම පුද්ගලයා මිශ්‍ර වර්ගයේ ගෘහස්ථ පක්ෂීන් සහිත කුකුළු වගාපොළක් පවත්වාගෙන ගිය බවයි. පරීක්ෂණවලදී එම පරිසරයේ කුරුළු උණ වෛරසය හඳුනාගෙන ඇති අතර, ගෙවතු පක්ෂීන්, ඔවුන්ගේ පරිසරය හෝ වල්පක්ෂීන් සමඟ සම්බන්ධතා මෙම ආසාදනයට ප්‍රධාන හේතු වී ඇති බවයි.
දශක ගණනාවක් තිස්සේ ලොව පුරා වල්පක්ෂීන්ට කුරුළු උණ වැළඳී තිබූවත්, එක්සත් ජනපදයේ නව ව්‍යාප්තිය 2022 ජනවාරියේ ආරම්භවිය. මෙවර විශේෂයෙන් ක්ෂීරපායින් අතර ව්‍යාප්තිය වැඩි වීමද සළකන ලද ලක්ෂණයකි.
CDC අනුව, මේ ව්‍යාප්තියේදී ඇමරිකාවේ වෙනත් මානව රෝගීන් 8 දෙනෙකු ද වාර්තා වී ඇත

