ඉතාලියේදී එල්ල වූ තර්ජන හමුවේ ඉරාජ් පළකළ ෆේස්බුක් සටහන හදිසියේ ඉවත්වෙයි

නිතර කතාබහට ලක්වන කලාකරුවෙකු වන ඉරාජ් වීරරත්න, ඉතාලියේදී තමාට තර්ජනය කළ බව කියන JVP ආධාරකරුවෙකු නීතියට කොටු කර දීමට සහය ඉල්ලා තැබූ ෆේස්බුක් සටහනක් මේ වන විට මකා දමා තිබේ. ගීතයක් ගායනා කිරීම සඳහා ඉතාලියට ගොස් සිටින අවස්ථාවක, අදාළ පුද්ගලයා දුරකථන ඇමතුම් සහ හඬ පට මගින් තමාට තර්ජනය කළ බව ඉරාජ් එහි සටහන් කර තිබුණි. පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාගෙන් උදව් ඉල්ලා, අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක්ද සහිතව ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමට සහය පතමින් එම සටහන පළ කර තිබුණද, සුළු වේලාවකින් එය ඉවත් කර ගැනීමත් සමඟ සිද්ධියේ සැබෑ තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා අතර කුතුහලයක් හටගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *