විභාග පීඩනය දරාගත නොහැකිව දඹුල්ලේ සිසුවියක් දිවි නසයි
දඹුල්ල ජාතික පාසලේ ජීව විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 19 හැවිරිදි තරුෂි චමෝදි සිසුවිය, විභාග පීඩනය හේතුවෙන් සියදිවි නසා ගැනීමේ ශෝකජනක පුවතක් ඉහළ ඇරෑවුල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉගෙනීමට අතිශය දක්ෂ දැරියක් වූ ඇය, සිය කාමරය තුළදී වස පානය කර මියගොස් සිටියදී දෙමාපියන්ට හමුවී ඇති අතර, රෝහල් ගත කරන විටත් ඇය මියගොස් සිට ඇත. මියයන විට “අම්මේ මම ජීවිතයෙන් සමුගන්නවා” යනුවෙන් සඳහන් ලිපියක් ද ඇය විසින් ලියා තබා තිබේ. තරගකාරී විභාග රටාව සහ අසමත් වේ යැයි ඇතිවූ අනියත බිය මෙම ඛේදවාචකයට හේතු වන්නට ඇති බවට සැක පළ කෙරේ.

